ඔබේ නිවසට ට්‍රෙඩ්මිල් එකක් අවශ්‍ය වන්නේ ඇයි?
ට්‍රෙඩ්මිල් (Treadmill) යන්ත්‍රයක් ඔබේ නිවසට විශාල ආයෝජනයක් වන අතර එමගින් ඔබට වාසි රැසක් ලබා දේ. ඔබ නිවසට ට්‍රෙඩ්මිල් (Treadmill) උපකරණයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ ඇයි දැ යි මෙ ම ලිපියෙන් සොයා බලමු.
1. ඔබ කැමති ඕනෑ ම අවස්ථාවක ව්‍යායාම කරන්න

සෞඛ්‍ය සම්පන්න සහ ගුණාත්මක ජීවිතයක් ගත කිරීම සඳහා ශරීර සුවතාවය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය යි. ව්‍යායාම සඳහා සියලු දෙනාට ශරීර සුවතා මධ්‍යස්ථානයකට යාම සැමවිටම පහසු නැත. බොහෝ දෙනෙකුට ඇති ගැටලුව වන්නේ ශරීර සුවතා මධ්‍යස්ථානවල තදබදය හා කාර්යබහුල ජීවන රටාව ත් සමග ඔවුන්ගේ කාලසටහනට අනුව එහි යාම අපහසු වීම ය. දවසේ ඔබ කැමති ඕනෑම වේලාවක ව්‍යායාම කිරීම සඳහා නිවසේ ශාරීරික යෝග්‍යතා ඒකකයක් තිබීම ඉතා ප්‍රයෝජනවත් වන්නේ එ බැවිනි.
2. ඔබ කැමති පරිදි ව්‍යායාම කරන්න

ඔබේ ව්‍යායාම කිරීමේදී වෙහෙසට පත් වීම සාමාන්‍ය දෙයකි. එ වැනි අවස්ථාවන් හි දී, ඔබ පොදු ව්‍යායාම මධ්‍යස්ථානයක සිටී නම්, ඔබ ඔවුන්ගේ නීති හා රෙගුලාසි පිළිපැදිය යුතු ය. නමුත් ඔබ නිවසට ට්‍රෙඩ්මිල් එකක් (Home Treadmill) මිල දී ගෙන තිබේ නම් ඔබ ට කැමති පරිදි ව්‍යායාම වල යෙදිය හැකි ය. ඔබ ට ප්‍රියතම චිත්‍රපටයක් නරඹමින් හෝ ඔබ කැමති ඕනෑ ම සංගීතයකට සවන් දෙමින් ව්‍යායාම කිරීම ට හැකි වීම ඉතා වැදගත් කරුණකි. එ සේ ම, නිවසේ සිටින විට ඔබ කැමති ඇඳුම්වලින් ව්‍යායාම කිරීම ට ඔබ ට නිදහස ඇත.
3. අමතර වියදමකින් තොර ව ඔබ කැමති වෙලාවක් ව්‍යායාම කරන්න

ඔබ ව්‍යායාම මධ්‍යස්ථානයක දී ව්‍යායාම කරන විට, ඔබ ඔවුන්ගේ කාල සීමාවට ගරු කළ යුතු ය. ඇතැම් විට ව්‍යායාම මධ්‍යස්ථාන පවා කාර්යබහුල විය හැකි අතර ඔබට ලැබෙන අවස්ථා සීමිත ය. එම නිසා, ව්‍යායාම මධ්‍යස්ථානයක දී ට්‍රෙඩ්මිල් උපකරණයකින් ව්‍යායාම කිරීම ට එකිනෙකාට ලැබෙන කාලය ඉතා සීමා විය හැකි ය.
Eser Marketing International හි ට්‍රෙඩ්මිල්වල මිල ගණන් තරඟකාරී හා වට්ටම් සහිත පරාසයක පවතින අතර, ඔබේ නිවසට ඉතා උසස් තත්වයෙන් යුතු ට්‍රෙඩ්මිල් ඒකකයක් හිමි කර ගැනීමේ අවස්ථාව පවතියි.
4. දිගු කාලීන ව මුදල් ඉතිරි කර ගැනීමට හැකි වීම

ඔබ ලංකාවේ ව්‍යායාම මධ්‍යස්ථානයක ලාභදායී ම සාමාජිකත්වය ලබාගත්ත ද, දිගු කාලීනව එය කොපමණ මුදල් ප්‍රමාණයක් වේ දැ යි ඔබ කල්පනා කර තිබේ ද? එ සේ නම්, මෙ ම මාසික/වාර්ෂික ගාස්තු නවතා, ඔබ ට ම වෙන් වූ ට්‍රෙඩ්මිල් උපකරණයක් ලබාගන්න. Eser Marketing International සමගින් වසර 5ක් දක්වා වූ වගකීමක් (මෝටරය සඳහා) සහිත ව ලංකාවේ හොඳ ම ට්‍රෙඩ්මිල් මිල දී ගන්න.
5. කාලය ඉතිරි කර ගන්න, ඔබේ පුරුදු කිසි විටෙකත් බිඳ නො දමන්න

ඔබෙන් සමහරෙකුට ව්‍යායාම මධ්‍යස්ථානයක ට ගොස් ආපසු ගෙදර යන ගමනේ දී වඩා වැඩි කාලයක් අපතේ යාමට සිදු විය හැකි ය. ඔබ ට ළඟ ම ඇති ව්‍යායාම මධ්‍යස්ථානය කොතරම් දුර වුවත්, ඔබ නිවසේ ට්‍රෙඩ්මිල් එකක් ඇති විට කාලය අපතේ නො යවා හුරුපුරුදු පරිසරයක සිට ව්‍යායාමයන් හි යෙදීම ට හැකියාව පවතියි. කාලය ඉතිරි වන බැවින් ඔබේ දිනචරියාව කරගෙන යාමට බාධාවක් ඇති නො වේ. නිවසේ දී ව්‍යායාම කිරීම මගින් අයහපත් කාලගුණය හෝ වෙනත් විශේෂ සිදුවීමක් නිසා හෝ ව්‍යායාම මධ්‍යස්ථානයක ට යාම අතපසු වීමෙන් ද වැලකීමට හැකියාව තිබේ.
6. මුළු පවුල සඳහා ම ආයෝජනයක්

ඔබගෙන් බොහෝ දෙනෙක් ශාරීරික සෞඛ්‍ය ගැන සලකා බලා ව්‍යායාම සඳහා පොදු ව්‍යායාම මධ්‍යස්ථානයක ට පැමිණිය හැකි ය. නමුත් ඔබේ පවුලේ අනෙකුත් සාමාජිකයින් එ සේ කරනවා ද? මෙ ම ප්රශ්නය ට බොහෝ විට ඔබ “නැත” යනුවෙන් පිළිතුරු දෙනු ඇත. ඔබ කෙතරම් කාර්යබහුල වුව ත්, ඔබ මෙන් ම ඔබේ පවුලේ යහපැවැත්ම ගැන සැලකිලිමත් විය යුතු ය. නිවස සඳහා ට්‍රෙඩ්මිල් එකක් මිල දී ගැනීමෙන් ඔබේ පවුලේ අනෙකුත් සාමාජිකයින් ට ද නිදහසේ සිටින ඕනෑ ම අවස්ථාවක ව්‍යායාම කිරීමට හැකි ය. ඔබේ මුළු පවුලම සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම සඳහා එය ඉතා වැදගත් අනාගත ආයෝජනයක් වනු ඇත.
7. දවස ආරම්භ කිරීම ට ඇති හොඳ ම මග

දවස පුරාම ඔබ වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසු ඔබ ට හොඳ නින්දක් තිබිය යුතු ය. හොඳ නින්දකින් පසු ඔබ ට උදැසන ම අවදි වී උණුසුම් තේ කෝප්පයක් පානය කිරීමෙන් පසු නිදහසේ ව්‍යායාම කිරීමෙන් ඔබේ දිනය ට හොඳ ආරම්භයක් ලබා දිය හැකි ය. දවස ම ප්‍රබෝධමත් ව ගත කිරීම ට එය ඉවහල් වනු ඇත. ට්‍රෙඩ්මිල් උපකරණයක් සමග ව්‍යායාමවලින් ඔබේ දවස ආරම්භ කිරීම ඔබේ මානසික ස්ථාවරභාවය සහ ඵලදායිතාව ඉහළ නැංවීමට ද උපකාරී වේ.
8. නිවසේ දී පහසුවෙන් භාවිතා කළ හැකි යෝග්‍යතා ඒකකය

නිවසේ දී ඔබේ ට්‍රෙඩ්මිල් ඒකකය සුදුසු පැතලි මතුපිටක් මත දිග හැරීමෙන් ඔබට පහසුවෙන් එය සැකසිය හැකි ය.
ඉන් පසු ඔබ ට කැමති පරිදි ව්‍යායාම කිරීමට හැකි ය. එ සේ ම, ට්‍රෙඩ්මිල් උපකරණය මත දිවීම සිදු කරන බැවින් විශේෂ පියවර කිසිවක් ඉගෙන ගැනීමට අවශ්‍ය නැත. මෙම වාසිය නිසා ඔබේ වැඩ කටයුතු කළමනාකරණය කිරීමේ දී ඔබට බොහෝ කාලයක් ඉතිරි කර ගත හැකි ය. එ සේ නොමැතිනම්, පුහුණුව සහ සූදානම් වීම සඳහා ඔබට දවසේ පැය ගණනක් අහිමි විය හැකි ය.
eser.lk අප ගේ වෙබ් අඩවිය හරහා ශ්‍රී ලංකාවේ හොඳ ම ට්‍රෙඩ්මිල් තෝරා ගැනීමට, ඇනවුම් කිරීම ට ඔබට ත් අවස්ථාව ඇත. නැති නම් ලංකාව පුරා ව්‍යාප්ත අපගේ අලෙවි මධ්‍යස්ථාන වෙත ගොස් හෝ මිල දී ගැනීම ට හැකියාව ඇත.
9. එළිමහනේ දිවීමට හෝ ව්‍යායාම මධ්‍යස්ථානයක ට යාමට වඩා ආරක්ෂිත යි

ඔබ නිවසේ ආරක්ෂිත ව ට්‍රෙඩ්මිල් මගින් ඔබට දිවීම ට ඉඩ සලසයි. සමහර ට්‍රෙඩ්මිල්වල අමතර ආරක්ෂාවක් ලබා දීම සඳහා කුෂන් කරන ලද පටි පවා අන්තර්ගත කර ඇත. සිදුවිය හැකි බරපතල තුවාලවලින් එය ඔබ ව ආරක්ෂා කරයි. ශ්‍රී ලංකාවේ අප සතු ව ඇති ට්‍රෙඩ්මිල් යන්ත්‍රවලින් ඔබ කුමන යන්ත්‍රයක් තෝරා ගත්ත ද, ඒ සියල්ල සැලසුම් කර ඇත්තේ ඔබ වැටීම මගින් සිදුවන හානිවලින් ආරක්ෂා කිරීම සඳහා ය.
10. වැඩි අවධානයක් යොමු කර වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කරන්න

ඔබ එළිමහනේ හෝ පොදු ව්‍යායාම මධ්‍යස්ථානයක ව්‍යායාම කරන විට දී, විවිධ බාහිර හේතුන් මත ඔබේ සෞඛ්‍යය පිළිබඳ අවධානය ගිලිහී යා හැකි ය. සමහර විට ඔබ බාහිර ශබ්ද, බාහිර පුද්ගලයින් හෝ ඔබ දකින දේවල් නිසා අවධානය අඩු වීම ට ඉඩ ඇත. අවධානය නැති වීම ව්‍යායාම කිරීමෙන් ලැබෙන ඵලදායිතාව අඩු කිරීමට හේතු වේ. ඉතින්, ඔබ දැන් සලකා බැලිය යුතු හොඳ ම විසඳුම නම් මෙවැනි නිවෙස් යෝග්‍යතා ඒකකයයක් පිලිබඳ ව යි. තෝරා ගැනීමට වර්ග රැසකින් ගුණාත්මක ට්‍රෙඩ්මිල් පරාසයක් සමග ම අපි ලංකාවේ හොඳ ම ට්‍රෙඩ්මිල් මිල ද ලබා දෙන්නෙමු.
එ සේ ම, ට්‍රෙඩ්මිල් වඩාත් කාර්යක්ෂම යෝග්‍යතා යන්ත්‍රයක් බව පර්යේෂකයන් සනාථ කර ඇත. ඇමරිකානු වෛද්‍ය සංගමයේ සඟරාවේ දැක්වෙන පරිදි, ට්‍රෙඩ්මිල් මත දිවීමේ දී ඔබ ට සාමාන්‍යයෙන් කැලරි 700 ක් දහනය කළ හැකි ය. පාපැදියක යන විට දහනය වන්නේ කැලරි 498 පමණ ප්රමාණයකි. ඒ අනුව සසඳන විට දිවීම මගින් ඉතා විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ඇත.
Read this article in Englishලොව ප්රමුඛ සන්නාමයන් යටතේ ඇති අප ගේ ට්‍රෙඩ්මිල් යන්ත්‍ර සමගින් ඔබේ නිවසේ කිසිදු බාධාවකින් තොර ව ඔබ ට කාර්යක්ෂම ව ව්‍යායාම කළ හැකි ය.
Leave a Reply