උදරයේ මේදය දහනය කිරීම සඳහා හොඳ ම ව්‍යායාම උපකරණ
ඔබේ උදරය (බඩ) වටා ඇති අනවශ්‍ය මේදය හේතුවෙන් ඔබ දැනටමත් විවිධ ගැටලුවලට මුහුණ දෙමින් සිටිනවා නම්, මේදය දහනය කිරීම ගැන දැනටමත් සිතනවා විය හැකි ය. උදරයේ මේදය දහනය කරගන්නේ කෙසේ ද සහ උදරයේ මේදය දහනය කිරීම සඳහා හොඳ ම ව්‍යායාම උපකරණ මොනවා ද? ඔබේ ශරීරයේ හැඩය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය ව්‍යායාම සහ ඇබ් නිෂ්පාදන (Ab Products) ගැන ඔබ දැනගත යුතු සියල්ල සමග ම එ ම ප්‍රශ්නවලට පිළිතුරු මෙ ම ලිපය කියවීමෙන් ඔබට ලැබෙනු ඇත.
උදරයේ මේදය නැති වීම කළ නො හැකි දෙයක් නො වේ. නිවැරදි උපකරණය උපයෝගී කරගනිමින් නිවැරදි ව්‍යායාම කිරීම මගින් ඉතා පහසුවෙන් මේදය දහනය කිරීමේ හැකියාව පවතියි. ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වයත් සමග, ඔබ ට ඇවිදීම ට හෝ ළඟ ම ඇති ව්‍යායාම් මධ්‍යස්ථානයක් වෙත යාම ආරක්ෂිත නො වේ.
ඔබේ උදරයේ අධික මේදය නිවසේ දී පහසුවෙන් දහනය කරන්නේ කෙසේද? ඉතින්, මේ ලිපියෙන් අපි තවදුරටත් විමසා බලමු ලංකාවේ උදර මේදය දහනය කිරීම සඳහා ඇති හොඳ ම ව්‍යායාම උපකරණයන් ගැන. Eser Marketing International වෙතින් උදරයේ මේදය දහනය කිරීම සඳහා උසස් තත්ත්වයේ ඇබ් උපකරණ (Ab Products) පෙළක් ඔබට හඳුන්වා දෙන්නෙමු. අපි ඔබ ට විශ්වාසය තැබිය හැකි පාරිභෝගික තෘප්තියක් ඇති කීර්තිමත් සමාගමකි.

නිවැරදි උපකරණ භාවිතා කිරීමෙන් උදරයේ මේදය නැති කර ගන්නේ කෙසේ දැ යි සොයා බැලීමට පෙර, උදරයේ මේදය නැති කර ගැනීම පිළිබඳ මිථ්‍යා මත පිලිබඳ අවබෝධයක් ලබා ගනිමු. ඔබ ට පරිපූර්ණ අත් සහ කකුල් ඇති නමුත් උදර ප්‍රදේශය වටා විශාල මේද තැන්පත් වී ඇති පුද්ගලයෙක් නම්, එ විට ඔබේ උදරයේ මේදය දහනය කිරීම වැඩි වශයෙන් සිදු කිරීම අවශ්‍ය වේ. නමුත් ඔබේ උදරයේ මේදය පමණක් දහනය කළ නො හැක. ඒ වෙනුවට, ඔබේ මුළු ශරීරයේ ම මේදය දහනය විය හැකි ය. එ බැවින් ඔබ මේ ගැන හොඳින් දැන සිටිය යුතු ය.
කෙසේ වෙතත්, උදරයේ මේදය දහනය කිරීම සඳහා නිසි ව්‍යායාම සැලැස්මක් අනුගමනය කිරීමෙන් ඔබේ උදරය (බඩ) අඩු කර ගැනීමට හැකි වේ. සරලව කිවහොත්, දවස පුරා කැලරි වැඩි වැඩියෙන් දහනය කිරීම සිදු කළ යුතු ය. ඔබේ මාංශ පේශි ශක්තිය වැඩි කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා ව්‍යායාමවල යෙදීම මගින් මෙය සිදුකල හැකි වේ.
නිවැරදි උපකරණ මගින් උදරයේ මේදය දහනය කරන්නේ කෙ සේ ද?

උදරයේ මේදය දහනය කිරීම සම්බන්ධයෙන් ගත් කල, ඇබ් නිෂ්පාදන (Ab Products) විශිෂ්ට උපකරණයකි. මේදය දහනය අඛණ්ඩව සිදුවන අතර ඒවා ශක්තිමත් කිරීම සඳහා ඔබට උපකාරී වනු ඇත. Eser Marketing International මගින් ඔබ ට Power ab wheel, Adjustable bench, Ab Wonder, Sit-up bench ඇතුළු පුළුල් පරාසයක ඇබ් නිෂ්පාදන ලබා ගත හැකි ය. ලංකාවේ හොඳ ම ඇබ් නිෂ්පාදන (Ab products) ලබාගැනීම ට පිවිසෙන්න අප ගේ වෙබ් අඩවි වෙත eser.lk / esermarketing.lk හෝ ලංකාව පුරා විහිදී ඇති අප ගේ ශාඛා ජාලය වෙත.
ඇබ් ව්‍යායාම (Ab workouts) සහ උදරයේ මේදය දහනය කිරීම සඳහා Sit-up bench
Sit-up bench යනු උදරයේ මේදය දහනය කිරීම සඳහා නිර්මාණය කර ඇති උපකරණ වර්ගවලට අයත් සුවිශේෂී උපකරණයකි. ඔබේ ආමාශය අවට ඇති මේදය ඉක්මනින් දහනය කිරීම සඳහා නිසි ව්‍යායාම කිරීමට මෙය ඔබට උපකාරී වනු ඇත. එය භාවිත කිරීමෙන් ඔබේ ශරීරයේ මාංශ පේශිවලට ශක්තිය ලබා දෙනු ඇත. නිසි ව්‍යායාම සැලැස්මක් සහ නිසි ආහාර වේලක් අනුගමනය කිරීම මගින් ඔබේ අභ්‍යන්තරයේ අනෙක් මාංශ පේශිවලට ශක්තිය ලබා දිය හැකි ය.
උදරයේ මේදය දහනය කිරීමට සුදුසු ම උපකරණ මොනවාද?
ඔබ ට උදරයේ මේදය වැඩි වශයෙන් නැති කර ගැනීමට අවශ්‍ය නම්, ඔබ ට ගත හැකි හොඳම ආරම්භය නම් ඇබ් ව්‍යායාම උපකරණයක් මිල දී ගැනීම යි. ඔබේ ශාරීරික යෝග්‍යතාවය ගොඩ නැංවීම සඳහා එ වැනි ගුණාත්මක උපකරණයක් තිබීම ව්‍යායාම කිරීමේ දී සහ ඔබේ ශාරීරික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම සඳහා ඔබව තව තවත් දිරිමත් කළ හැකි ය. එ සේ ම නිවසේ දී කරන ව්‍යායාම වඩාත් ආරක්ෂිත බවත් පහසුවෙන් කළමනාකරණය කළ හැකි බවත් රහසක් නො වේ. නිවසේ දී, ව්‍යායාම කිරීමේදී සිත් ඇදගන්නා සුළු දේ ඔබට එකතු කළ හැකිය. උදාසීන හැඟීම් ඔබේ ජීවිතයේ ගුණාත්මක භාවයට බාධා කිරීමට කිසි විටෙකත් ඉඩ නො තැබිය යුතු ය. ඒ වෙනුවට උදරයේ මේදය දහනය කිරීම ට අවශ්‍ය ව්‍යායාම කරන අතර ම විනෝදය සඳහා ඕනෑ ම දෙයක් තෝරා ගැනීම ට ඔබට නිදහස තිබේ. සමහර අය ඔබේ උදරය වටා ඇති මේදය ඉවත් කරන ව්‍යායාම කරන අතර ම චිත්‍රපට නැරඹීමට හෝ ගීතයකට සවන් දීම ට හැකි ය.
ලංකාවේ ඇති හොඳ ම ඇබ් නිෂ්පාදන (Ab Products) කිහිපයක් පහත දැක්වේ. ඔබ ට ඒවා eser.lk / esermarketing.lk මගින් මාර්ගගත ව මිල දී ගත හැකි ය. නැතහොත් ළඟ ම ඇති Eser Marketing International ප්‍රදර්ශනාගාරය වෙත ගොස් මිල දී ගත හැකි ය.
1. Suction Sit-ups
Suction sit-up යනු උදරයේ මේදය දහනය කිරීම සඳහා ව්‍යායාම කිරීමට සහායක් ලෙස භාවිත කළ හැකි උපකරණයකි. Push-ups, sit-ups, මාංශ පේශි සඳහා ව්‍යායාම සහ අනෙකුත් ක්‍රියාකාරකම් සඳහා එය නිර්දේශ කල හැකි ය. ඔබේ උදරයේ මේදය දහනය කරන විට ඔබ ට ශරීරයේ මාංශ පේශි සඳහා ශක්තිය ලැබෙනු ඇත.
2. Adjustable Sit-up Benches
සෞඛ්‍ය සම්පන්න ශාරීරියක් පවත්වා ගැනීම සඳහා Sit-up benches ඉතා හොඳ උපකරණයකි. ඔබ ට ශ්‍රී ලංකාවේ දී eser.lk / esermarketing.lk මගින් හොඳ ම Sit-up benches ලබා ගත හැකිය. අප ගේ Sit-up benches විශේෂ වන්නේ ඔබේ උස හා ව්‍යායාම කිරීමේ තාක්ෂණය අනුව ඔබ ට සුදුසු අයුරින් එය සකස් කළ හැකි බැවිනි.
3. Ab Wonders
ඔබේ සුවපහසුව සුරක්ෂිත කරමින් අවශ්‍යතාව සපුරාලීම සඳහා Ab wonder උපකරණය විශේෂයෙන් නිර්මාණය කර ඇත. එ හි adjustability ස්වභාවය නිසා ඔබ කැමති ආකාරයට උපකරණය භාවිතා කිරීම ට අමතර සහායක් ලැබේ. ඔබ දැඩි උනන්දුවක් දක්වන උදරයේ මේදය දහනය කරන අතර ම ඔබේ ශරීරය වර්ධනය කර ගැනීම ට එය ඔබ ට සහය වනු ඇත. Ab wonder මගින් ඔබව සෞඛ්‍ය සම්පන්න ව තබා ගැනීම සඳහා අභ්‍යන්තර ව හා බාහිර ව ශක්තිය ලබා දීමේ ව්‍යායාම සඳහා සුදුසු ම උපකරණයකි.
Read this article in Englishඋදරයේ මේදය දහනය කිරීමේ ව්‍යායාම සඳහා උදවු කිරීම සඳහා Eser Marketing International අප සතු ව ඇති කැපී පෙනෙන නිෂ්පාදන වලින් කිහිපයක් පහත දැක් වේ.
Leave a Reply